ගවයෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මරුට….

bike web 1

ඊයේ (02) සවස් කාලයේදී ගලේවෙල, මාතලේ මාර්ගයේ තලකිරියාව හන්දිය මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් ගවයෙකුගේ ගැටීමෙන් පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මාදිපොල හරහා ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළි ගොස් මාර්ගය අයිනේ ඇති බෝක්කු කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කළ මුළික විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වු බෙලිගමුව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *