ගිනි අවි හා තියුණු ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය…

weapon web

2024.11.04 වන දින සවස් කාලයේ ඇඹිලිපිටිය පොලිස් වසමේ කොතලාවල හන්දිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර AK47 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, 7.62 පතරොම් 25 ක්, 9 mm පතරොම් 07 ක්, එම පතරොම් ගැබක්, AK47 පතරොම් බහාලන මැගසිනයක්, කඩු 02 ක් හා පිහියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 59 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ආරක්ෂක හමුදා සාමාජිකයෙකු බවට අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත.

ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *