පිරමීඩ වංචාවක් සිදුකර රටින් පළා ගොස් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 08 at 09.19.08

කුරුණෑගල ප්‍රදේශයේ පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කකරුවන්ගෙන් රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , 42 හැවිරිදි මොහුගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ලැබුවා.
”‍ජෙඩ්සීස් බිස්නස් ස්කූල්”‍ නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500කගෙන් පමණ මොවුන් වංචා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *