විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන සහ නිකුත් කර ඇති ඇතැම් ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා එම සංගමය විසින් මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා.
2024 නොවැම්බර් මස 07 දින. ප්‍රවෘත්ති කර්තෘ / අධ්‍යක්ෂ මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන සහ නිකුත් කර ඇති ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නො වන බව අපට පෙනී යන බැවින් සැබෑ තත්ත්වය පෙන්වාදීම අපගේ වගකීමක් සේ සලකමු. අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.
ආගාමික හා විගාමික පනත සහ ඊට ආදාළ සංශෝධනත්, ආගාමික හා විගාමික නියෝග හා සංශෝධනත් ප්‍රකාරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම හා කාර්යයන් අතුරෙන් එකකි. දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය පරමාර්ථයන් අතර ඇති ප්‍රත්‍යන්ත පාලනය ඉතා වැදගත් රාජකාරියකි. පැය 24 පුරා දින 7 තුළදීම ප්‍රසිද්ධ නිවාඩු හෝ වෙනත් නිවාඩු පමණක් නො ව ආපදා, ව්‍යසන හා අසාමාන්‍ය සමාජයීය තත්ත්වයන් යටතේ පවා ප්‍රත්‍යන්ත පාලන කටයුතු සිදු කෙරෙයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන ස්වදේශිකයින්, විදේශිකයින් යන දෙපිරිසට ම නිර්බාධව ශ්‍රී ලංකාවට ඇතුළු වීමටත්, ශ්‍රී ලංකාවෙන් පිටවන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම සඳහා අවැසි රාජකාරි ඉටු කිරීම ප්‍රත්‍යන්ත පාලන රාජකාරි වලින් සිදු කෙරෙයි. මෙම රාජකාරි සඳහා ම කැප වූ ආගමන හා විගමන නිලධාරින් පන්සියයකට ආසන්න පිරිසක් දෙපාර්තමේන්තුගත සේවයේ පිහිටුවා ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශ ගමන් බල පත්‍රයක් ලබාදීම සුමටව සිදුවිය යුතු කාර්යයක් වුවද, පසුගිය කාලයේදී ආරම්භවී මේ දක්වා ක්‍රියාත්මක වන අර්බුදයක් බවට ගමන්බලපත්‍ර නිකුතුව පත්වී ඇත.
දෙපාර්තමේන්තුගත සේවයේ මාණ්ඩලික හා විධායක ශ්‍රේණි වල නිත්‍ය නිලධාරින් වන අප මෙම තත්ත්වයෙන් මහත් වූ අසීරු තත්වයන්ට පත්ව ඇත. 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ පමණ සිට මෙම අර්බුදය ආරම්භ විය. මේ සඳහා බලපෑ කරුණු රාශියක් ඇති බවට නිරීක්ෂණය වූ අතර ඉන් ප්‍රධාන කිහිපයක් පහත පරිදි ලඝු කළ හැකිය.
1. නිසි ගමන් බල පත්‍ර තොග ප්‍රමාණයක් නො වීම.
11මිලදී ගැනීම් කාලීනව සිදු නොකිරීම.
111. නිවැරදි ලෙස පුරවැසි ඉල්ලුම පුරෝකථනය නොකිරීම.
IV පවත්නා වූ තත්ත්වයන් කාර්යක්ෂම හා කඩිනම් නො කර මාර්ගගත අයදුම්පත් ක්‍රමයක් මීට පෙර ද අවිචාරශීලීව ආරම්භ කර එය අසාර්ථක භාවයට පත් වූ පසු එය අතහැර දැමීම.
V ඉහළ පරිපාලනයේ කිහිප දෙනෙකු පමණක් තීරණ ගැනීම (පාලක ජනරාල් /අතිරේක පාලක ජනරාල්) ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ පාලක). දෙපාර්තමේන්තුගත නිත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී නො සලකා
VI හැරීම හා තීරණ හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක කිරීම. නියමු ව්‍යාපෘතියක් හෝ සැබෑ ඌනතා අධ්‍යයනයන්ගෙන් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. VII.
VIII. පසු විපරම් කාර්යයන් නො කිරීම.
IX. දේශපාලන අධිකාරියේ අදහස්, නියෝග අවිචාරාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම.
X මහජන සේවය වෙනුවට පෞද්ගලික වරප්‍රසාදයන්ට මුල් තැනදීම.


