අනුර ආස වුණාට මං කොටුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නෑ…

ranil web

නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ රාජකාරිය වී තිබෙන්නේ අනෙක් අයට දෝෂාරෝපණය කිරීම සහ මඩගැසීම පමණක් බවත් එදා රාජපක්ෂලත් ක්‍රියා කළේ මේ අනුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *