ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළඹෙන සතිය අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඔවුන්ගේ සංචාරයේ අරමුණ වන්නේ මෙරටට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිදුකරන තෙවන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීමයි. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ අරමුණ සඳහා දිවයිනට පැමිණෙන බවයි


