කැස්බෑව පොලිස් වසමේ දී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 24 කට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධව කැස්බෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් සහ සොරබඩු බැහැර කරන ලද සැකකාරියක් 2024.11.09 වන දින දහවල් කාලයේදී විවිධ බරින් යුත් රන් කැබලි 04 ක් සමඟ අත්අඩංගුවට ගෙන කැස්බෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 24 හා 29 වයස්වල පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.
කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


