එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවද සදහන් වේ.
තවද, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.


