විද්‍යුත් දුම්වැටි සඳහා දැඩි නීති…….

E cigarette

මෙම විද්‍යුත් දුම්වැටි දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් දරුවන් අතර විශාල ලෙස ව්‍යාප්තව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකල පරීක්ෂණයකින් අනාවරණය වී ඇති අතර මෙම දුම්වැටි අලෙවි වීම සිදුවන්නේ මාර්ගගත ක්‍රමයට බවද සදහන් වේ.
මෙවා, ගුවන් තොටුපොළ, වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙන අතර ඉතාම පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති බවද සඳහන්.

මේවා අත් ඔරලෝසු ආකාරයට සකසා ඇති අතර චාජ් කිරීමද සිදුකළ හැක එබැවින් එකවර විද්‍යුත් දුම්වැටි ලෙස හදුනා ගැනීමට අපහසු බවද පැවසේ.

පළතුරු සුවද යොදා රස ගන්වා ඇති මෙම විද්‍යුත් දුම්වැටි සදහා සාමාන්‍ය දුම්වැටි වලට වඩා ඉක්මනින් ඇබ්බැහිවීම සිදුවන බවත් මේවා නැවත පිරවීම (Refill) මගින් භාවිතා කිරීමට හැකි බවත් තවදුරටත් සදහන් කෙරේ.
ලංකාවේ දැනට මෙම දුම්වැටි අතඩංගුවට ගැනීමට නීති පවතින බවත් ඒ මගින් ඒවා සියල්ල අතඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන අතර මෙම දුම්වැටි පිළිබදව දැනගත් වහාම ලගම ඇති සුරාබදු ප්‍රාදේශීය කාර්යාලයට හෝ 1913 යන අංකය අමතා දැනුවත් කරන ලෙසද තවදුරටත් පවසයි.

පාසල් දරුවන්ගේ හා තරුණ ප්‍රජාවගේ මානසිකත්වය විකෘති කරන ජීවිත වලට විශාල තර්ජනයක් වී ඇති මෙම විද්‍යුත් දුම්වැටි ඇමරිකාව තුල තහනමට ලක් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම විද්‍යුත් දුම්වැටි තහනම් කර ඇත්තේ භාවිතයට ඉතාම භයානක දුම්වැටි වර්ගයක් ලෙස නම් කරමින් බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *