තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන්තොටුපොළ ඒකකය.

cigarette web

2024.11.09 වන දින කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් 02 ක් සිදුකර තීරු බදු රහිත විදේශීය දුම් වැටි 16400 (කාටුන් 82) ක් සහ තීරු බදු රහිත විදේශීය දුම්වැටි 61800 (කාටුන් 309) ක් ඩුබායි සිට ගුවන් මගින් මේ රටට රැගෙන ආ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 38 හා 61 වයස්වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකය මගින් අනාවරණය කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *