නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්…..

electioncard web

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම ‍බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී ඔවුන් ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අසළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් පහත පියවර අනුගමනය කිරීමෙන් මාර්ගයක ක්‍රමයට ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සලසා ඇත.
ඒ අනුව එහි පහත සඳහන් ආකාරයට නිල ඡන්ද පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව පවතී.

https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ- සේවා වෙබ් අඩවියට පිවිසම,
එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ” ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම‍” යන ඉ-සේවාව වෙත යොමුවීම

ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු සෙවීම්,
ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතරින් මැතිවරණය සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු පාර්ලිමේන්තු මැතිවරණය -2024 වෙත පිවිසිම,

එවිට 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ජන්ද හිපි ලියාපදිංචි තොරතුරු දිස් වේ.
එයට පහළින් ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවීම,

ඒ සමඟම ඔබගේ ජංගම දුරකථනයට කේතයක් (OTP) ලැබෙන අතර, එම කේතය “Enter the code යනුවෙන් දිස්වන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගැනීමට හැක.
එසේම ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන අතර, 2024 ඡන්දහිමි නාමලේඛනයේ නම් සඳහන් වලංගු හැදුනුම්පතක් සහිත ඕනෑම ජන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතාව සනාථ කිරීම ප්‍රමාණවත් බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *