කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ…..

rain web 1 1

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවයි.
ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ.

කොළඹ කොටුව – තලෙයිමන්නාරම
2024.11.12 දින සිට – කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15
තලෙයිමන්නාරම – කොළඹ කොටුව
2024,11,13 දින සිට – තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *