හපුතලේදී විශ්වවිද්‍යාල සිසුවියක් දුම්රියෙන් ඇද වැටෙයි….

campus web 1

දුම්රියේ ගමන් ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ සිට එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බව පොලීසිය පවසයි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී ඇති බව වාර්තා වේ.

ඇද වැටීමත් සමග ඇගේ වම් පාදයේ විලුබ මතින් දුම්රිය ගමන් කර ඇති අතර, ඒ හේතුවෙන් බරපතළ තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරට ලක්වූ තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *