වනිදුට එක්දින තරගාවලිය අහිමි වෙයි….

wanidu web 1

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලියෙන් වනිදු හසරංග ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවට වර්තා වේ.

පෙරේදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී
ඇති බව පැවසේ.

දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *