2024.11.11 වන දින දහවල් කාලයේදී පූජාපිටිය පොලිස් වසමේ පිඟාඔය රක්ෂිතයේ පිඟාඔයේ මදුරු බැම්ම ස්ථානයේ කාන්තාවක් මියගොස් ඇති බවට පූජාපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 82 ක් වූ කළුවාන, අඹතැන්න ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය 2024.11.08 වන දින සිට අතුරුදහන්ව ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇත. මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පූජාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


