හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරින් පුද්ගලයන් දහයකට තුවාල, එක් අයෙකුට බරපතළයි….

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේ දී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇත.

හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්තේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් අතරින් එක් අයකුගේ තත්ත්වය බරපතළ බැවින් එම තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික් ඔය දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *