මාතලේ, විහාරපාර ප්‍රදේශයේ නිවසක ඊයේ(12) පෙරවරුවේදී ආහාර පිසිමින් සිටි කාන්තාවක් භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිළි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ එම කාන්තාව උදෑසන කාලයේදී ආහාර පිසින අවස්ථාවේදී භුමිතෙල් ලිප පෙරළීමෙන් ගිනි ඇවිලි ඇති බවයි.
මාතලේ රෝහලට ඇතුළත් කර ඇති මෙම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඇය මිය ගොස් ඇත.
මිය ගිය කාන්තාව ව්යස අවුරුදු 34 ක් වු විහාරපාර, මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


