නිකවැරටිය,කොබෙයිගනේ ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙක් හදිසියේ මිය ගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අද(14) උදෑසන නානකාමරය තුළ ඇද වැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
හදිසි හෘදයාබාධයක් නිසා ඔහු මියයන්නට ඇති බව සැක කෙරෙන අතර දේහය වැඩිදුර පරික්ශන කටයුතු සදහා යොමුකර ඇති බව පොලිසීය පවසයි.
නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.


