අද දින පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබිණි.
ඒ අනුව, අද උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදු කල බව කොටස් හුවමාරුව සදහන් කරයි.
ලබන 18 වනදා සිට කොටස් හුවමාරුවේ ගණුදෙනු සුපුරුදු පරිදි යළි ආරම්භ වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ අතර, මාස 35කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඒකක 13000 සීමාව ඉක්මවා
ඇති බවද සදහන් වේ.
අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13125.19ක් ලෙසයි.
පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් ලෙස සටහන් විය.


