ඡන්දය පාවිච්චි කිරීමේ කැපීපෙනෙන අඩුවක්…..

WhatsApp Image 2024 11 14 at 22.26.27

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන අතර අද දින ප්‍රතිශතයක් ලෙස වැඩිම ඡන්දදායකයින් ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර ඇති දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කයයි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 70% කට ආසන්නය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ 83% කට ආසන්න ප්‍රතිශතයක් වාර්තා වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 60% කට ආසන්නව වන අතර එය පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව 23% ක අඩුවීම කි. ගියවර ජනාධිපතිවරණයේදී වැඩිම ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කළ දිස්ත්‍රික්කය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය වාර්තා වූ අතර එය 85.6% කි. නමුත් මෙවර මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ලෙස වාර්තා වන්නේ 61%ක් පමණි.

එසේම මේවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත අඩුම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන දිස්ත්‍රික්කය වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය වන අතර එම ප්‍රතිශතය 56% කට ආසන්ය. එය ගියවර ප්‍රකාශිත 72.08% හා සැසඳීමේ දී 16% කට ආසන්න අඩුවීමක් පෙන්නුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *