පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතයි.
එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 02ක් ඡන්දයෙන් හිමු වූ අතර එක් ප්‍රසාද ආසනයක් ද හිමි වුණා.


