නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි…..

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි. ඒ අනුව, නව රජයේ කැබිනට් අමාත්‍යවරු 21 දෙනකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය

01. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධ අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *