වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට….

මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය 09 වනදා දින රුපියල් ලක්ෂ 83කට ආසන්න වටිනාකමින් යුක් වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කළ විමර්ශනයට අදාළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 16 වනදා දින කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්‍රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වු ඕපෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද වාර්තා වේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද වෑන් රථය වවුනියාව ප්‍රදේශයේ තිබි පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *