විශ්ව රූ රැජිණ ඩෙන්මාර්කයට…..

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජේර් තේල්විග් සමත් වී ඇත.

තරඟකාරියන් 120ක් අභිබවා යමින් ඇය මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදී ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වේ.

21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම නීතීඥවරියක් ලෙස කටයුතු කරන්නියකි.

මෙවර දෙවැනි සහ තෙවැනි ස්ථානය නයිජීරියා සුරූපිනිය චිදිම්මා අඩේනා සහ මෙක්සිකෝ සුරූපිනී මරීයා ෆර්නැන්ඩා හිමි කරගෙන ඇති බවද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *