2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම තහනම උසස් පෙළ විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වේ.
ඒ අනුව, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළබෙන නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,185ක් වන අතර එයට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ද ඇතුළත් වනවා.


