ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක්…….

plain web

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිට ඇති අතර ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා පොලිස් අගනුවර වෙත පියාසර කිරීමට නියමිතව තිබූ එම ගුවන් යානයේ දකුණුපස පියාසර තට්ටුවට පහළින් එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද වෙඩි පහරින් පසු එම ගුවන් යානය නැවත හරවා මගී ප්‍රවේශ දොරටුව වෙත ගොස් ඇති අතර, සියලු මගීන් ගොඩබස්වා පූර්ණ පරීක්ෂණයකට ලක් කර ඇත.

මෙය අහඹු ලෙස සිදුවූ වෙඩි තැබීමක් බවට පොලිසිය සැකකර ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *