ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ…….

cricket web 1 1

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන බව සදහන් වේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 05 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්මේ මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිය පුහුණුවීම් අරඹා ඇති අතර,සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *