වීසා නොමැතිව සිටි විදේශිකයන් 8 දෙනෙක් අත්අඩංගුවට….

visa web 1

ඊයේ (18) පස්වරුවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බව පොලිසිය වැඩි දුරටත් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *