වෙනස්කම් කිහිපයක් සමඟින් ශ්‍රී ලංකාව අද තරග බිමට….

cric web 1

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහය ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (19) පැවැත්වේ.

පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග සඳහා එක්වන්නේ වෙනස්කම් කිහිපයක් ද සමඟිනි.

ඒ, අනුව දෙවන තරග සඳහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු අද තරග සඳහා එක් නොවන බවද වර්තා වේ.

දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම ක්‍රීඩකයින් සිව්දෙනා අද තරගයෙන් විවේකගන්වා තිබෙන බවද සදහන් වේ.
ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බවද වර්තා වේ.

අද තරගය මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *