බෝල්ටික් සාගරයේ මුහුද යටින් දිවෙන අන්තර්ජාල කේබල් දෙකක කටයුතුවලට බාධා පැමිණ ඇති බව සන්නිවේදන සමාගම් විසින් පෙන්වා දී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ රුසියාවට ගෝලීය වශයෙන් මුහුද යට තිබෙන යටිතල පහසුකම් ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව එම සන්නිවේදන සමාගම් විසින් අනතුරු අඟවා තිබේ.
මේ අතර ලිතුවේනියාව හා ස්වීඩනය අතර පවතින සන්නිවේදන කේබලය ඉකුත් ඉරිදා උදෑසන සිට කපා දමා ඇති බව වාර්තා වී තිබේ. අදාළ කේබලය කපා දමා ඇත්තේ එහි පවතින තදබදය හේතුවෙන් බවද ලිතුවේනියාවේ සන්නිවේදන සමාගම තවදුරටත් පවසා තිබේ.


