යුක්රේනයෙන් රුසියාවට මිසයිල ප්‍රහාරයක්….

WhatsApp Image 2024 11 20 at 13.39.15 1

යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී ඇති බව වාර්තා වේ.

අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී එල්ල කර ඇති බවත් එක් ප්‍රහාරයකින් හමුදා කඳවුරකට හානි සිදුව ඇති බවත් වැඩි දුරටත් සඳහන් වේ.

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් චෝදනා කර ඇත්තේ අමෙරිකාව විසින් යුක්රේ​න රුසියා ගැටුම උත්සන්න කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *