මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පළමු දරුවා බිහිකිරීම පිණිස රෝහල් ගතවී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගී වී තිබේ.
දරුවා බිහිකිරීමට යෑමේදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ඇති අතර එහිදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය දරුවා බලහත්කාරයෙන් ප්‍රසූත කරවා ගැනීමට යෑම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ බව කියා සිටියහ.
දරුවා හා මව මියගිය බව ඥාතීන්ට ප්‍රකාශ නොකොට පැය කීපයක් තිස්සේ රෝහල් කාර්ය මණ්ඩලය විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවද ඥාතීහු කියා සිටියහ.
කෙසේ වෙතත් මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතිවලදී දරුවන් මියයෑමේ සිද්ධීන් තුනක්ම මේ වසරේ ගතවූ කෙටි කාලයේදී වාර්තා වූ අතර එම සිද්ධීන් ගැන පරීක්ෂණ පවත්වා රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුගේ සේවය අත්හිටුවා තිබේ.


