පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ශයට…..

WhatsApp Image 2024 11 21 at 17.19.01

අධික වර්ෂාවත් සමග තෙල්දෙණිය මැදදුම්බර මොරග හමුල ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇත.

ඊයේ (20) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව තෙල්දෙණිය පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒ. ගයාන් නමැති සිසුවෙකි.

පස් කන්දට පහළින් වූ කාමරයක මෙම සිසුවා නිදා සිට ඇත. ඊට යාබදව පිහිටි කාමරයක සිටි සිසුවාගේ සීයා සහ ආච්චි ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා මැද මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (20) දහවල් සිට අධික වැසි පතිත වූ අතර මැදදුම්බර මොරගහමුල ප්‍රදේශයට ඇද වැටුණු වැසි සමග අදාළ නිවසට ඉහළින් වූ පස් කන්ද නාය යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා පස් කන්දට යට වූ දරුවා ගොඩගෙන රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ ඔහු මියගොස් තිබෙන බව වාර්තා වේ.

තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *