උද්ධමනය තවදුරටත් පහළට…..

WhatsApp Image 2024 11 22 at 16.47.00

ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට ඍන 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට සෘන 0.7 දක්වා පහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය(ජා.තමි ද) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට – 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසය සඳහා සියයට – 0.7 ක් දක්වා අඩු වී ඇත.

2024 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.5ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.3ක් දක්වා වැඩි වී තිබෙන අතර 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට – 0.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට – 2.3ක් දක්වා අඩු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *