නාස්තියෙන් තොර සෞඛ්‍ය ප්‍රතිපත්තියට ජපාන රජයේ ප්‍රශංසාව….

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථීකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තියට ජපාන රජය ප්‍රශංසාව පල කර ඇත.

ඒ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේදී බව වර්තා වේ.
මෙරට සෞඛ්‍ය සේවාව තුල ජපාන ආධර යටතේ දියත් කෙරෙන ව්‍යාපෘතීන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට යන ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබදව මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *