අරාබි මුහුදේ යාත්‍රා දෙකකින් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සමග පිරිසක් අත්අඩංගුවට…..

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිත බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *