මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලුව නිරාකරණයට සෞඛ්‍ය ඇමතිගෙන් පියවර….

WhatsApp Image 2024 12 02 at 20.00.28

වසර කිහිපයක් නොවිසඳී පැවතුණු මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය සායනික ඒකක සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන ඇතිබව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ද මෙහිදී නියෝජනය වූ අතර එහිදී ප්‍රධාන තීන්දු කිහිපයකට එළැඹ ඇති බවද වාර්තා වේ.
එනම්,

1) මොරටුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ ශික්ෂණ රෝහලේ පිහිටුවීම.
2) මොරටුව වෛද්‍ය පීඨය නාගොඩ රෝහල ආශ්‍රිතව ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් කිරීම.
3) මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නව ආකෘතියක් යටතේ සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීම.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,යන මහත්ම මහත්මීන් සහ අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *