අද (02) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවද සඳහන් වේ.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇති බව සදහන් වේ.


