රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක්….

WhatsApp Image 2024 12 06 at 09.00.37

කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වෙරළබඩ නගරයක් වන ෆර්න්ඩේල්ට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් ඇතිව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් ටික වේලාවකට පසු එම නිවේදනය අවලංගුකර තිබෙනවා.

හුම්බෝල්ට් ප්‍රාන්තයේ විදුලිය ඇනහිටීම් 10,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එහි සැලකිය යුතු හානියක් වාර්තා වී නැහැ.
විපතටපත් ප්‍රදේශ සඳහා වැඩි සම්පත් සැපයීම සඳහා කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *