චීන ජාතික දිනය සහ ලංකා–චීන 45 වන සංවත්සරය BMICH හිදී සමරයි

චීනයේ 77 වන ජාතික දිනය සහ ශ්‍රී ලංකා–චීන සබඳතාවේ 45 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

මෙම අවස්ථාවට සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා, ඇමිටි සංවිධානයේ විධායක ලේකම්වරිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය ආචාර්ය වර්ණ චන්ද්‍රකීර්ති මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව සිහිපත් කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *