මෙම යුද්ධයේ ආරම්භය ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම දැක්විය හැකි අතර එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වේ.
එම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර ගතවූ මාස 15 ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවැනි තත්වයකදී මෙම සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති අතර ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇති බව සඳහන් වේ.


