ගිය වසරේ (2024) මෙරට සමස්ත සංචාරක ආදායම කලින් වසරට (2023) වඩා සියයට 53.2කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අනුව 2024 වසරේදී මෙරටට පැමිණ ඇති විසිලක්ෂ පනස්තුන් දහස් හාරසිය හැටපහක් වූ සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.6ක ආදායමක් උපයාගෙන ඇති අතර මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
එම වාර්තාවේ දැක්වෙන පරිදි 2023 වසරේදී ශ්රී ලංකාවට දාහතර ලක්ෂ අසූහත් දහස් තුන්සිය තුනක්වූ විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන අතර එමගින් උපයා ඇති මුළු සංචාරක ආදායම ඩොලර් මිලියන 2,068කි.
එම වාර්තාවේ දැක්වෙන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 362.1ක් වන අතර 2023 දෙසැම්බර් මාසයේදී එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 269.3ක් විය.


