ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර ඇත

WhatsApp Image 2025 01 16 at 11.15.52

ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය ඊයේ (15දා) තීරණය කර ඇති බව සදහන් වේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පතිවරයා අතර ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙලෙස තීරණය කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට කටයුතු නොකරන බවත් මෙසේ සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිත කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් මෙහිදී අදහස් දැක්වූ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිසිපති රුවන් ගුණසේකර මහතා සදහන් කර ඇත.

මේසේ එක් එක් සීමාවන් ගැසට් පත්‍රය මගින් පනවා ඇති බවත් එම ගැසට් පත්‍රයට අනුකූලව මෙම අමතර උපාංග සවි කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී වැඩි දුරටත් පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා සියලු නිලධාරීන් දැනුවත් කරනු ඇති බවද පවසා ඇත.

මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහහිරිල්ල, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු ද සහභාගි වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *