සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන 607 ම සහ අනෙකුත් විශේෂ අංශයන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් වේ.


