ජනවාරි (18) දින කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අනවසර පතල් කැණීමක් වැටලීම සිදුකර ඇත. වසර ගණනාවක් පුරා රත්නපුර පහළ එරබැද්ද වේ ගගෙහි එකට ගැටුම නම් ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දීර්ඝ කාලයක් පුරාවට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් කණ්ඩායම් ගණනාවක් විසින් මෙය සිදු කර ඇති බවද වාර්තා වේ.
මිට පෙර අවස්ථා ගණනාවකදී මෙම ස්ථානය වැටලීමට උත්සාහ කළද එම අවස්තාවන් වල පැවති දේශපාලන අධිකාරියේ මැදිහත්වීම සහ බලපෑම මත එම අනවසර ක්‍රියාවලි නතරකිරිම සදහා ගනු ලැබූ සියලු උත්සාහයන් අසාර්ථක වීම සිදුවූ අතර මෙවර කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවීම හේතුවෙන් සහ මෙවැනි අනවසර ක්‍රියා නතර කිරීම සදහා වර්තමාන රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම අනවසර ක්‍රියාවලිය සාර්ථකව මැඩ පැවැතිවීමට සහ සැකකරුවන් නිතිය හමුවට පැමිණවීමට හැකියාව ලැබී ඇති බවද වාර්තා වේ.
මෙහිදී කැනීම් සදහා භාවිතා කරනු ලැබූ උපකරණ සහ පුද්ගලයන් විසිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම වැටලීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 20දෙනෙකු සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් 14දෙනෙකු සහභාගි වී ඇත.


