පොල් ආනයනයට රජය තීරණයක් ගෙන නෑ …..……

ඊයේ (22) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙරටට පොල් ගෙන්වීමට කිසිම තීරණයක් ගෙන නොමැති බවයි.
තවද,
̋රටේ පොල් නැති නිසා මෙරට පොල් අපනයන කරුවන්ට ඔවුන්ගේ අපනයන කටයුතු කරගන්න බැරිවෙලා. ඒ නිසා ඔවුන්ගේ අපනයන ක්‍රියාවලිය සඳහා තාවකාලිකව පොල් කිරි, පොල් මද සහ පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්න කියා ඉල්ලීමක් කර තිබෙනවා. එහෙම නැතිව පොල් ගෙන්වන්න කිසිම තීරණයක් අරගෙන නෑ.” ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *