හොරණ නගරයේ ආරවුල් පාලනයට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවයි …..……

අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය කැඳවා ඇති අතර හොරණ නගරයේ පිහිටි පාසල් දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එය පාලනය කිරීම සදහා මෙසේ විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවා ඇති බවද වාර්තා වේ.

නිල ඇඳුමින් පාසල නිමවී නගරයට පැමිණෙන සිසුන් නගරය තුලදී පාට ඇඳුමින් සැරසී අනෙක් සිසුන් අතරට පැමිණ පහර දෙන බව කඩ හිමියන් පවසන බව සදහන් වේ.

ඊයේ දින (22) ඇති කරගත් ආරවුලක් හේතුවෙන් වෙළඳ සැලක් ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් ද දමා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *