පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර ඇති බවද වාර්තා වේ.
ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු වන අතර ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.
එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වෙයි.



