ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව අනුරාධපුරයේ පැවති විශේෂ හමුවක් අමතමින් සඳහන් කළාය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මැයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුව ආගන්තුක ප්‍රධානී ලෙස ඇයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම අවස්ථාවට පෙර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී සංවර්ධන අරමුදල් පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවකටද එක්විය.


