විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ හෙද හෙදියන් සඳහා සිදුවන වැටුප් වැඩිවීම පිලිබඳව විශේෂ අනාවරණයක් සිදු කර ඇත.
අප්‍රේල් මාසයේ සිට මෙම වැටුප් වැඩිවීම් සිදුවන අතර එහිදි සියලු ශ්‍රේණිවල හෙද හෙදියන් සඳහා දැනෙන වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා දන්වා ඇත.
මෙහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“හෙද සේවයේ තුන්වැනි ශ්‍රේණියේ 8200 පමණ සේවය කරනවා. ඒ අයට මූලික වැටුප රුපියල් 32,525ක් පමණක් බවත් අපේ මූලික වැටුප් වැඩිවීම ඇතුළේ රුපියල් 54,920 දක්වා වැටුප් වැඩි කිරීමක් කර ඇති බවත් ඒ අනුව, මූලික වැටුප විතරක් 22,395 කින් වැඩි වී ඇති බවත් ප්‍රකාශ කර ඇත. තව ද ඒ අයගේ OT එක පැයකට රුපියල් 215ක තිබුණ දීමනාව රුපියල් 290 දක්වා පැයකට රුපියල් 75කින් වැඩි වන බවත්, දෛනික දීමනාව රුපියල් 1,084 තිබුණ එක 1,831 දක්වා වැඩිවන බවත් සදහන් කර ඇත.
මෙය පළමු පත්වීම ලබා අවුරුදු 05ක් වැඩ කරන අයට දළ වැටුප විදියට 104,081 අප්‍රේල් මාසේ සිට 133,640ක් අවම වශයෙන් ලැබෙන බවත් දන්වා ඇත.
දෙවන ශ්‍රේණියේ හෙද හෙදියන් 9,400ක් සිටින අතර පත්වීම ලැබ අවුරුදු 05කට පස්සේ දෙවන ශ්‍රේණියට ඇතුළත් වන අයට මූලික වැටුප වී ඇත්තේ රුපියල් 37,636 කි. එම මුදල රුපියල් 64,500 දක්වා වැඩි කර ඇත. ඒ අනුව මූලික වැටුප 26,864කින් පමණ වැඩිකරලා තිබෙන බවද පවසා ඇත. මෙතෙක් පැයකට රුපියල් 255ක තිබුණ OT එක රුපියල් 345ව් දක්වා රුපියල් 90කින් වැඩි කරන බවත් දන්වා ඇත.
දෛනික රුපියල් 1881ක දීමනාව රුපියල් 2150 දක්වා වැඩිකරන අතර එවිට ඒ අයගේ දළ වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙන බවත් දන්වා සිටි.
පළමු ශ්‍රේණියේ 16,000ක් සේවය කරන අතර සේවයට ඇතුළත් වී අවුරුදු 12කට පස්සේ පළමු ශ්‍රේණියට ඇතුළත් විය හැකි බවත් ය. ඒ අයගේ මූලික වැටුප රුපියල් 44,965 ක් බව ද දන්වා සිටි. මේ මූලික වැටුප රුපියල් 77,850 දක්වා වැඩිවෙන බවත් ඒ අනුව රුපියල් 32,885ක මූලික වැටුප වැඩිවෙන බවත් දැන් OT පැයකට රුපියල් 305 ක් වන අතර එය රුපියල් 420 දක්වා වැඩිවෙන බවත් දන්වා සිටි. OT පැයක් රුපියල් 115කින් වැඩිවෙන බවත් රුපියල් 2248ක දෛනික දීමනාව රුපියල් 2595 දක්වා වැඩිවෙන බවත් පවසා සිටි.
අධි ශ්‍රේණියේ හෙද හෙදියන් 6,000ක් සිටින අතර ඔවුන් සේවයට බැඳිලා අවුරුදු 22කින් පසුව උසස්වීම ලැබෙන බවත්, රුපියල් 53,035ක තියෙන මූලික වැටුප රුපියල් 92,460 වෙනකන් වැඩිවෙන බවත්, මූලික වැටුප 39,425කින් වැඩිවෙන බවත්, රුපියල් 350ට තිබෙන OT පැය රුපියල් 500ක් වන බවත්, රුපියල් 2,651ක් වන දෛනික දීමනාව රුපියල් 3,082 දක්වා වැඩිවන බවත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් 415ක් පමණ දැන් ලංකාවේ සිටින අතර සේවා කාලය අවුරුදු 27 කින් උසස්වීම ලැබෙන බවත් ඔවුන්ට රුපියල් 54,235ක් ලැබෙන බවත් දන්වා සිටි.. මූලික වැටුප රුපියල් 94,060 වෙනකන් වැඩිවෙන බවත්, රුපියල් 40,000 වැඩිවීම කට ආසන්න බව ද, ඒ අයට OT පැය රුපියල් 395 තිබෙන මුදල රුපියල් 545 දක්වා වැඩිවෙන බවත්, දෛනික දීමනාව රුපියල් 2,711 රුපියල් 3,135 වෙනකන් වැඩිවෙන බවත් දන්වා සිටි.
අප්‍රේල් මාසයේදී මේ හෙද හෙදියන් 40,000ට ඒ අයගේ සේවා කාලයට මූලික වැටුප් වැඩිවීම OT වැඩිවීම, දෛනික දීමනාව වැඩිවීම, ඒ වගේම වාර්ශික වැටුප් වර්ධකය මේ සියල්ල එකතු වීමෙන් පසුව අප්‍රේල් මාසයේදී අතට දැනෙන වැටුපක් අනිවාර්යයෙන්ම ලැබෙන බවත් වාර්තා කර ඇත.


